Saturday 25 July 2015

Programming යනු කුමක්ද? ඇත්තටම Programmer කෙනෙක් මොකක්ද කරන්නෙ?


Programming ඉගෙනගන්න කැමතිද? Programming ඉගෙන ගැනීමට programming language එක තෝරාගැනීමට පෙර, ඔබට පරිගණක විද්‍යාව ක්ෂේත්‍රය ගැන මූලික වැටහීමක් තිබිය යුතු අතර,  programmer කෙනෙක් මොකද කරන්නෙ යන වගද දැනගත යුතුයි.

ඇත්තටම programming යනු කුමක්ද? මොනවද programmer කෙනෙක් කරන්නෙ?

Programming යනු හරියට ගොළු කීකරු යාන්ත්‍රයකට සුවිශේෂී උපදෙස් ටිකක් දීම වැනි දෙයකි.

මොකක්ද ඇත්තටම මෙම සුවිශේෂී උපදෙස් දීම කියල කියන්නේ? උදාහරණයකට හිතන්න ඔබ පොඩි ලමයෙක්ට නාන්න කියනව කියල. ඇත්තටම පොඩි ළමයට එකවර එය වටහාගෙන සිදු කිරීමට අපහසුයි. එවිට ඔබ කුමක්ද කරන්නෙ. ඔබ එම ක්‍රියාවලිය කොටස් වලට කඩා කියනව:

1. නාන කාමරයට ඇවිදගෙන යන්න.
2. Shower එක විවුර්ත කරන්න.
3. Shower එක යට හිටගන්න.
4. සබන් ගාන්න.
5. තවදුරටත්.....

මොහොතකට හිතන්න පොඩි ළමය නෑමට පෙර ඇදුම් ගැලවීම සිදුකලේ නෑ නේද? මොකද එයාට ඇදුම් ගැලවීමට උපදෙස් දුන්නෙ නැති හින්ද. ඒ වගේම තමා programming කියල කියන්නෙත්. පරිගණකයත් දෙන උපදෙස් වලට අනුව වැඩ කරනව පමණයි. එයටත් සිතීමට සහ උපකල්පන සිදුකිරීමට හැකියාවක් නැත.

Programmer කෙනෙක් මොකක්ද එතකොට කරන්නෙ?

ඉහත උදාහරණයේ හැටියට, ඔබ තමා ඔය කියන Programmer වෙන්නෙ. මොකද ඔබයි පිළිවෙලට උපදෙස් ටික දුන්නෙ.
Programmer කෙනෙක් වෙන්න හැමෝටම පුලුවන්ද? පිළිතුර ඔව්. මම මෙතැනදී Programming ගැන තියන දුර්මත ටිකක් පැහැදිලි කරන්නම්.

1. ඔබ විශිෂ්ඨයෙකු හෝ ගණිතය පිළිබද අති දක්ෂයෙකු හෝ වීමට අවශ්‍ය නැත. ඔබට අවශ්‍ය වන්නේ නිවැරදිව ප්‍රශ්ණ තේරුම් ගෙන විසදීමට ඇති හැකියාව හා තාර්කිකව සිතීමේ හැකියාවක් පමණයි.

2. තවද Programmer කෙනෙක්ට වැඩි වේලාවක් පරිගනකය සමග රැදීමට සිදුවෙනව. නමුත් එයින් අදහස් වෙන්නෑ Programmer කෙනෙක් පරිගණක සෑදීමට දක්ෂයෙකු බව.

3. ඉගෙනගැනීමට හොදම පරිගණක භාෂාවක් කියා දෙයකුත් නොමැත. එය ඔබේ අවශ්‍යතාව, කැමත්ත හා කාලයේ ඇති අවහිරතාවය අනුව වෙනස් වේ. උදාහරණයක් වශයෙන් කියනවනම් Programming Language එකක් කියන්නෙ හරියට ආගමක් වගේ. ඕනෑම කෙනෙකුට නිදහසේ තෝරාගැනීමට හැකියාව තියනව.


ඉදිරි ලිපියෙන් ඔබට ගැලපෙන Programming Language එක තෝරාගන්නා හැටි පැහැදිලි කිරීම බලාපොරොත්තුවන්න.


No comments:

Post a Comment

Physics Short Note iOS Application

This iOS application is developed to help the students who are doing their A/L in Science stream in Sri Lanka. Application gives the most re...